මේ ඔබ දකින්නේ හබල් දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ ගැඹුරුම චායාරූපයක්.🥹 තිත් වගේ පෙනුනට මේ ෆොටෝ එක ඇතුළෙ මණ්දාකිණි 10000 කටත් අධික ප්රාමණයක් දැකගන්න තියෙනවා.🙊 හැබැයි මෙච්චර මණ්දාකිණි ප්රමාණයක් තියෙන්නෙ රාත්රී අහසෙ කොයිතරම්නම් කුඩා ප්රදේශයකද කියල ඔබ දන්නවනම් පුදුම වේවි🤩. පළවෙනි කමෙන්ට් එකේ තියෙන ෆොටෝ එක බලන්නකො කොච්චර පොඩි ප්රදේශයක්ද කියල🙈 හරියටම ප්රමාණය කිව්වොත් පසලොස්වක චන්ද්රයා රාත්රී අහසෙ අපිට පෙනෙන ප්රමාණයෙන් දහයෙන් පංගුවක්.
මේ චායාරූපය තුළ තිබෙන ඇතැම් මණ්දාකිණි පවතින්නේ පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 12ක් පමණ දුරින්😯 (Light travel distance එක😏) ඒ කියන්නෙ තාමත් අපි දකින්නෙ ඒ මණ්දාකිණි වල තරුණ අවධිය😳
එහෙම කිව්වෙ ඇයි?🤔
මෙහෙමනෙ!.🤓 ඔබ දන්නවා ආලෝක වර්ෂයක් කියන්නෙ ආලෝක ෆෝටෝනයක් වර්ෂයකදි ගමන් කරන දුර කියල.😊 ඉතින් ඒ මණ්දාකිණි වලට තියෙන දුර ආලෝක වර්ෂ බිලියන 12ක් කියන්නෙ එහෙන් නිකුත් වෙන ආලෝක ෆොටෝනයක් පෘථිවියට එන්න අවුරුදු බිලියන 12ක් යනවා කියන එක.😐 හැබැයි අපි දැනට දන්න විදිහට විශ්වයේ වයසත් අවුරුදු බිලියන 13.7ක්. ඒ කියන්නෙ ඒ ඔබ තවම දකින්නෙ මහා පිපිරුමෙන් විශ්වය නිර්මාණය වෙලා ගත වුනු අවුරුදු බිලියන 1.7ක පමණ කාලය ඇතුළත නිර්මාණය වුනු මණ්දාකිණි.🤯 අවුරුදු බිලියන 1.7ක් උනාට අනෙක් මණ්දාකිණි වල වයසත් එක්ක බලද්දි ඒවා තාම ගොඩක් තරුණයි.🫢
ඒවගේම ඔයගොල්ලන්නට ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න මම තව පොඩි දෙයක් කියන්න්ම්😉
ඔයාල දන්නවනෙ අපි ජීවත්වෙන්නෙත් ක්ෂීරපථය කියන මණ්දාකිණිය තුළ කියල.😌 දැනට ඇස්තමේන්තු කරල තියෙන විදිහට මේ ක්ෂීරපථය තුළ පමණක් තරු බිලියන 100ක් පමණ අඩංගු වෙනවා.😀 ඒවගේම ග්රහලෝක බිලියන 100ත් 200ත් අතර ප්රමාණයක් අඩංගු වෙනවා.😃
ඉතින් එතකොට හිතල බලන්නකො මේ ෆොටෝ එකේ තියෙන මණ්දාකිණි ඇතුළෙ තරු කොච්චර ඇතිද?😶 ග්රහලෝක කොච්චර ඇතිද?😐 ජීවීන්????😏 ආ එයාලත් ඇති😉
ඉතින් ඔයත් රෑ අහස බලන කෙනෙක්නම් ඒ බලන අතරතුර මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න.😌 පියවී ඇහැට නොපෙනුනත් ඔයා බලන් ඉන්නෙ මණ්දාකිණි දහස් ගණනක් දිහා වෙන්න පුලුවන්.🤗 සමහරවිට ඒ මණ්දාකිණියක ඉඳන් ඒ වෙලාවෙම තවත් කෙනෙක් ඔයා දිහා බලාගෙන මේ ගැනම හිතනව වෙන්නත් පුලුවන්❤️✨